දන මන පිනවන සුන්දර කදු පෙළකින් වටවුනු බණ්ඩරවෙල ප්‍රදේශයේ ස්ථානගතව ඇති ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් ඇරබි බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු!
නව්‍යකරණය වූ තාක්ශණය සමග ඉදිරියට පිය මනින දම්පල් විදු මාතාවට උදා උනු 2012 නව වසර සුවිශේෂී වසරක් වනවාට නොඅනුමානයි. දම්පල් විදුබිමේ පහස ලැබූ, ලබන සිසු සිසුවියන්, දරුවන් සිප් සතරෙන් පෝෂණය කරන දයාබර ගුරු මව්වරුන් එකම තැනකට එකතු කිරීමේ උත්සහයක ප්‍රථිපලයක් වශයෙන් බිහිවුනු ෆේස්බුක් සමූහය දම්පල් විදුමෑණියන් අන්තර්ජාලගතකරණ ක්‍රියාවලියේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇත.
මෙම ෆේස්බුක් සමූහය ළහිරු මුදිත් (2010 උසස්පෙළ වාණිජ) සොයුරාගේ අදහසකට අනුව බිහිවූ අතර ඒ පිළිබදව ඔහුට අපගේ ප්‍රණාමය! විද්‍යාලය වෙනුවෙන් නිර්මාණය කරන ලද ෆේස්බුක් සමූහ කිහිපයක්ම තිබුනද ඒවා අක්‍රීයව පැවතීම නිසා ක්‍රියාකාරී ෆේස්බුක් සමූහයක අවශ්‍යතාවය සපුරමින් මෙසේ කරලියට පැමිණි මෙම සමූහය තවත් ෆේස්බුක් සමූහයක් පමණක්ම වන්නට නොදී ඒ හරහා පාසලට වැඩක් කරන්නට එතනට එකතු වූ දම්පල් විදුබිමේ දූ දැරියන් පෙල ගැසුන බව දන්වන්නේ අපමණ සතුටකින්. විදුබිමෙන් සිප් සතර හදාරා සරසවි අධ්‍යාපනය ලබන, උසස් රැකියාවල නියුතු බොහෝමයක් දෙනා ඉතා උනන්දුවෙන් මෙයට සහයෝගය ලබා දීම වෙනුවෙන් ඔවුන්ටද පාසලේ ප්‍රණාමය හිමිවිය යුතුයි.
1/22/12
ආයුබෝවන්!
Labels:
පුවත්
Subscribe to:
Posts (Atom)



